Tuesday, January 28, 2014

හසරැල් 2 කොටස

අපේ හසරැල්ගේ කතාව තාම පටන් ගත්ත විතරනේ. ඒක නිසා මට මුකුත් කියන්න බෑ. මුල් කොටස බලපු නැති යාලුවෝ 1 කොටස බලල එන්න.

#################################################################################


හවස් වෙලා පහල ලිඳට ගිහින් පොඩියට වතුර පාරක් ගෙන ආවා. අම්මට කියල කහට චුට්ටක් හදාගෙන බිල අපේ ජාත්‍යන්තර කිරිඩා පිටියට වාර්තා කිරීම සඳහා එලියට බැස්සා. අතින් වාහනයක සද්දයක් අපු නිසා වහාම පාර පැත්තට ගියේ සාමානයෙන් ටවුමේ රාජාගේ බස් එක උනත් මේ වෙලාවට එන්නේ නැති නිසා. පොලොසියෙන්ද දන්නේ නෑනේ. ඉස්සෙල්ලම ආවේ පත ලොරියක් . ඊට පස්සෙන් පොඩි ලොරියක්. පත ලොරියේ මොනා තිබුනද දන්නේ නැ එකේ පිටිපස්ස වහල ලොක් කරලා තිබුනේ. පොඩි ලොරියේ ටිකක් උස කෙල්ලොන්ගේ කාමර වල තියෙන මුණ බලල සිල්ලර බඩු දාන්න හොද කන්නාඩි මේසෙකුයි තව මොනවද ලී බඩු වගේකුයි. දෑවැදි පෙරහරක්වත්ද? එත් මෙහෙ කවුරුත් බැන්දේ නැනේ.

           හසරැල්ට මේක ලොකුම ප්‍රශ්නයක් උනා. අන්තිමට ආවේ 32- කාරයක්. අම්මට හුඩු. ගමේ කාටවත් කාර් එකක් නැනේ. ඉතින් හසරැල්ට මාරම ප්‍රශ්නයක් උනේ මුන් කොහෙන් කඩාපාත් උන සෙට් එකක්ද කියල. කාර් එක ඔහුව පසුකර යන විටම තමයි ඔහුගේ කෙටි ජිවිතේ දැකපු ලස්සනම සුන්දරම මුහුණ දැක්කේ .. දැන් අයෙ මොන ක්‍රිකට්ද? මේක මහා ප්‍රේහෙලිකවක් නිසා කවුද මේ කස්ටිය කියල හොයන්න පටාන් ගන්න ඕනේ. ඇත්තටම මෙයාල එන්න ඇත්තේ කොහෙටද? අම්මට සිරි. උඩහ සේදර මාමා ඉඩම විකුනනවා කියල පත්තරේට දලයි කියල . අනිවා එහෙට තමයි එන්න ඇත්තේ. එත් දැන් ඉතින් එහෙ යන්නය ඕක බලන්න. හිත හදාගෙන වෙල පැත්තට යන්න හැරුන.

             හා දෙයියනේ කියල කස්ටිය හැමෝම වාර්තා කරලා. වෙල කියල කිව්වට මේක ඉස්සර වෙලක්. දැන්නම් වැඩ කරන කුඹුරක් නෙමෙයි.පුරන් වෙන්න ඇරලා තියෙන එකේ අපි ඉතින් ගමේ කොල්ලෝ විදියට මේවා බලා ගන්න එපයි. කස්ටිය කිරිකට් තරගේ කල් දාල එල්ලේ ගහන්න සෙට් උනේ ගොඩක් දවසකින් එල්ලේ ගැහුවේ නැති නිසයි.. සෙල්ලම් කරලා හවස 6.30 ට විතර බිම් කරුවලත් අර ගෙනම වැව පැත්තට ගිහින් නාගෙන ගෙදර ආවා . 

Monday, January 27, 2014

හසරැල් 01 කොටස



             වෙසක් මාසය කියන්නේ අවුරුද්දට පස්සේ එන අවුරුද්ද වගේ තමයි. පොඩි කාලේ මාර ආතල් එකක් ගත්තේ අවුරුදු ඉවර වෙලා ඉන් පස්සේ එන වෙසක් එකට. කූඩු හදන්න, තොරන් බලන්න, බකට් එල්ලන්න වැඩ ගොඩයිනෙ. සාපෙ ඉවර වෙලා උසස් පෙළ පෙළ පන්තිවලට යන්න මග බලාන ඉන්න අතරේ දෙයියනේ කියල ප්‍රතිපල ආවා කියන දුක් මුසු ආරංචිය ආවේ නාරං සියලගේ වත්තට වන්දනා ගමනක් යන්න ලෑස්ති වෙන කොටම වගේ. නාරං සියාලගේ වත්ත කියන්නේ වත්තනම් වත්ත. ලොවෙත් නැ. ඉදලා හිටලා නාරං සියට පිනක් දහමක් කරලා දෙන්න අපි සියටත් හොරෙන් එපැත්තේ රවුං ගහනවා. ප්‍රතිපලේ ආයේ බලන්න දෙයක් නැති උනත් මං ඉස්කෝලේ වත්ත දිහාවට සයිකලේ පෑගුවේ බන්ඩවත් මගින් පටෝගෙන. අපේ පන්තිවල ගොඩක් අයත් මේ වෙනකොට ස්කොලේ දිහාට ඇවිත් හිටිය.
                       එක එකා එක එක විදියට එලියට එනකොට කන් දෙක එක පාරම රත් වෙලා ගියා. එත් ගොඩක් මහන්සි නොවුනත් මම විභාගේ අනාගෙන නැති බව මට විස්වාසයක් තිබුන. හිතට ගට අරගෙන ඔෆිසිය ඇතුලට ගිහින් ප්‍රතිපල බලන්න පොර කන උන්ට මාත් එකතු උනා. ම්ම්ම්....... අහා යන්තන් ජාමේ ගොඩ දාගෙන. අවුලක් නෑ. A/L කරන්න පුළුවන්නේ. හිතේ තිබුන බර ටිකක් අඩු වෙලා ගියත් නැත්තටම නැති උනේ නෑ. හවස අප්පච්චිට ඕක අම්ම කිව්වම , මන්ද පුළුවන් විදියටනේ මාත් කරේ. අනික මෙහෙ ආපු ගොඩක් දෙනෙක් මගේ වගේම ප්‍රතිපල අරන් තිබුන නිසා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල මං කල්පනා කරා. අඩේ පොඩ්ඩේ කෝ. දැන් තමයි ඌව මතක් උනේ. කැන්ටිම ලග අඹ ගහට හේත්තුවක් දාගෙන සුමනෙයි පොඩ්ඩේයි බර කතාවක්. මාත් ඒ පැත්තට ගියා.

" මොකෝ බන් වෙන්නේ "
"මොනා වෙන්නද ඩො , බඩුම තමයි."
"ඇයි "
"ගණන් ෆේල් බන්"
"ආ හරි හරි ලොකු සර්ට කියල ණයට කරන්න පුළුවන්නේ බන්. අනික උඹලගේ පියා ලොක්කගේ හොද බැජියනේ බන්."
"ඒක මොනා කරත් අපේ පියාගෙන් කෑම ටික හම්බෙනකොට තෝ ද ඒවා කන්නේ."
"ආ එක තමයි අපි වගේ පොඩි කාලේ ඉදන්ම පාඩම් කරලා හොදට ලකුණු ගන්න කියන්නේ"
පොඩ්ඩේයි මායි පහක් දාන ගමන් සුමනෙට කින්ඩියක් දැම්ම.
"අනේ උඹ ******"
"හරි හරි මේ අපි යනවා උඹ දැම්ම ගෙදර යනවද? "
" මං අරුන් ටික අවම එන්නම්"

පොඩ්ඩව මගින් බස්සවල ඊළගට තියෙන මහා මෙහෙයුම සඳහා නිවසට වාර්තා කරන කොටම අම්මා මිදුලේ වී වගයක් වේලනවා. සයිකලේ සද්දෙට පාර දිහා බලපු අම්මා මං එනවා දැකල අත් දෙක පිහ දාමින් නැගිට්ටා.

"ප්‍රතිපල කොහොමද මයේ පුතේ. උඹ පාස් ද? "
ජිවිතේ ඉස්ස ඉස්සෙලම තනියම කරපු විභාගේ උනත් ලොකුවට පාස් නොඋනත් ෆේල් නොවුන එක ගැන මට මං ගැනම සතුටක් දැනුනේ . බිම බලා ගත්තු මං ටිකක් ඉස්සරහට ආවා.
"අනේ පුතේ කියහන්කෝ, මොකෝ උනේ"
"පාස් නම් තමයි.එත් ගොඩක් හොදට පාස් නෑ"
"අනේ තුනුරුවනේ සරණයි, මයේ කොල්ලට වරදින්නේ නෑ" අම්මා මගේ ඔලුව අත ගෑවා. පව් ඉතින් අම්මයි තාත්තයි මෙච්චර මැරෙන්නේ මායි මල්ලි හින්ද කියල දැනගෙන උනත් ලොකුවට මහන්සි වෙලා පාඩම් නොකරපු එකේ වරදකාරී හැගීමක් දැනෙන්නේ මෙවැනි අවස්ථාවක බව හොදටම දැනුන.

*********************************************************************************

ඉස්කෝලේ පටන් ගන්න තව මාස 2ක් විතර තියෙනවා. කරන්න වැඩකුත් නෑ. කම්මැලිකමේ හිටියට කරන්න වැඩකුත් නෑ. අපේ ගෙවල් පැත්තට තාම කරන්ට් එක ඇවිල්ල නෑ. ආවත් කරන්ට් එක ගන්න කලින් ගේ හදන්න ඕන. වැඩ ගොඩක් තිබුනත් මට ඒවා ගැන ගොඩක් ලොකුවට දැනුනේ නැ. අපේ කොල්ලෝ සෙට් එක අවත උන්ට ඕව ගැන හිතන්න උවමනාවක්වත්, ගෙදරට පිට කෙනෙක් ආව කාලයක්වත් මට මතක නෑ. හවස වෙල පැත්තේ රව්මක් දාන්න ඕනේ, එත් දැන් මේ කස්ටක අවුවේ එලියට බහින්න හිතෙන්නෙත් නෑ.